"අම්මේ ... මෙහෙට එන්නකෝ පොඩ්ඩක්..."
"....මෙන්න චූටි පූසි පැටියෙක්.. "
(කොහොමද දන්නෙ නෑ ඒක හොයා ගත්තේ... 18+ නෙවේ හොදේ )
"ඕකව ඇතුලට ගන්නව එහෙම නෙවෙයි.. "
"අනේ පව් අම්මේ... මේ බලන්න මං ලගට ඇවිල්ලා පුරු පුරු ගානව.. කරවල කෑල්ලක් දෙමු අම්මේ.. පව් ඌට බඩකිනි වෙලාද කොහෙද,.........."
"ඕකුන්ට කන්ඩ දෙන්න එපා ළමයෝ.. පුරුදු උනාම මෙහෙටම ලගින්න එයි... මටනේ මළ කරදරේ එතකොට..."
"එහා ගෙදර පූසියත් පැටව් ගහන්න හිටියේ.. උගේ පැටියෙක් වෙන්න ඇති.. මං මූව ඉල්ල ගන්නඩ අම්මේ........"
ඔන්න එතකොටම අම්මට එකසිය ගානටම මල් පැන්න කියහන්කො ඉතින්...
"උබට පිස්සුද කොල්ලො, බැළළියක් ගෙට ගන්න හදන්නෙ.. ඔන්න ඕකව එහා වත්තට දාල වරෙන් , ,,, මෙන්න මෙහාට........ ,
............එනව මෙතන පූසියෝ හදන්න"
අනේ අර කොල්ල හරිම දුකෙන් අර පූසි පැටියව එහා ගෙදරට ගිහින් දැම්ම.. මොකද කොල්ල දන්නව අම්මව මල පන්න ගත්තොත් වෙන සන්තෑසිය..
"උබ ගිහින් දැම්මද කොල්ලෝ .."
"ඔව් අම්මේ,.. ඒත් ඒ ගෙදර කවුරුත් නැහැ වගේ.."
".. කොහේ ගිහින්ද දන්නෙ නැහැ.. හැබැයි උදෙත් හිටියෙ නැහැ තමයි......... පැටියට බඩකිනි උනාම මහ බැළළි ඇවිත් කිරි දෙයි "
"හ්ම්......"
--------------------------------------------------------------------------------------------------------------------------------------------
පසු දිනට හිරු නැග ඇත......
හිමිදිරි පාන්දර කොල්ලට ඈඑහ්නවා අම්මා කේන්තියෙන් යමකට කෑ ගහන සද්දය ..... ඒක ක්‍රම ක්‍රමයෙන් ලංවෙමින් ඇහෙන්න ගත්තා.........
ඔව් එය දැන් ඇසෙන්නේ කාමරය අසලින්මය............
"@#!!!! ගිහිල්ල අන්න අර පූසිව අරූන්ගේ ගෙදරට දාල වරෙන් .. ඉක්මනටම .. ගිහිල්ල දාපන්.. මේක මහ කරදරයක් වුනානේ.. උන් බලල්ලු හදන්න, අපි බෙ... අරන් දාන්න.. ඇත්තමයි මට එන කේන්තිය නම්""::;?#$@#:';: "
බලහල්ලකො ඉතින් මේ පූසි පැටියත් දෙන වදයක්.. වෙලාව කීයද බැලුවම 8.30 යි.
"අයියෝ තාම උදේ වෙලත් නැහැ.. මොකද අම්මේ බෙරිහන් දෙන්නෙ"
" ....බලපන් අරුන්ගේ පූසි ඇවිත් දොර ලගම ......ක් ( අසූචි) දාල. ඔන්න ඕකව අරෙහෙට දාල වරෙන්"
" අනේ මටනම් බැහැ උදේ පාන්දරම ගෙවල් ගානේ යන්න...ඔයාට ඕනනම් ගිහින් දාන්න"
" මමද ගෙදරට ගෙන්න ගත්තේ.. "
"ඉතින් මමත් නෙවේනෙ.. ඌමයි මෙහෙට ඇවිත් තිබුනෙ.."
" ඉදහන්කෝ මං හොදවයින් දෙකක් කතා කොරලම මූව ගිහින් දෙන්න.. මේක යස කෝලමක් උනානෙ.."
ඔන්න ඉතින් අම්ම පූසි පැටියවත් අරගෙන එහා ගෙදරට ගියයි කියමුකෝ... ..
ඊට පස්සෙ ආයෙත් ගෙදරට ආවයිත් කියමුකෝ.........
" ශික් , මුනුත් අපිටම වද දෙන්නමද කොහෙද මෙහෙටම රින්ගන්නේ.. මොකා ගෙනත් දාලද මන්දා.. මං හොයා ගන්නම්කො මොකාද ඒ කියල... මූව දන් පන්සලකට ගිහින් දාන්න තියෙන්නෙ. අනේ මන්ද වැඩ නැතුවට වැඩ .."
අම්ම ගිය ගමන් මෙහෙම කියාගෙන ආයෙත් අර පූසිවත් අරගෙන ගෙදරට ආව.
"ඇයි අම්මේ."
"මේ පූසි පැටිය උන්ගේ නෙවෙයිලු.. උන්ගෙ පූසි තවම පැටව් දාල නැහැලු.. කවුරු හරි ගෙනත් දාන්න ඇතිලු.. එයාලු උදේ අපේ ගෙදර එකෙක් කියල හිතල පූසව ආපහු ගෙනත් දැම්මෙත්., බලහල්ලකො ඉතින් මේව කාට කියන්නද කියල"
"ඉතින් අපි මූව හදාගමුකෝ අම්මේ.."
"කොහොම හදා ගන්නද මූ බැළලියක්නේ"
"හ්ම්ම්....."
" දෑන් ඉතින් මොනව කරන්නද..... මම අද හවසට මේකව කොහාට හරි ගිහින් දාන්නංකෝ..."
--------------------------------------------------------------------------------------------------------------------------------------------
කොහොමින් කොහොමින් හරි ඒ දවසත් ගෙවිල ගියා කියමුකො..... පසුව දාට පහන් වුනා කියලත් කියමුකො.
කොල්ලාට එදා පන්තියක් තිබුනා. ඒක ඉවර වෙන්නෙ හවස...5 ට...
"උන්නියෑව්.... උන්නියෑව්..."
මෙන්න බොලේ අර පූසි පෑටිය තාමත් කොල්ලගෙ ගෙදර... ඈයි බොලව් උදේම කොහාට හරි ගිහින් දානව කියල නේද කොල්ලගේ අම්මා කියුවෙ..............
"අම්මේ .... මූව කොහාටවත් ගිහින් දෑම්මේ නෑත්ද.??........"
"ඔහේ හිටපුදෙන් .... පව්නෙ..අසරණ සතා...."
"ඈ...ඈයි අම්මේ ....ඔයාට මොකද එහෙම හිතුනේ............."
" මම මේකව කවරයක දාගෙන පාරට දාන්න අරන් ගියා... පස්සේ මුව වාහනයකට හෑප්පුනොත් එහෙම කියලා ආයේ ගෙදරට අරන් ආව... "
"??????????????????"
"මම දවල්ට කන්නත් දුන්න , අනේ පව් බන් කොල්ලෝ... මූ ඒ සේරම ටික කෑව නේ......."
"?????????????"
" පස්සේ මේක බෑළ්ලී පෑටියෙක්නේ කියල හිතිල අර වත්තේ කෙලවරේම තියෙන ගෙදරට ගිහින් දාල මම එන්න හදනකොටම මේ පෑටියා හරිම අහින්සක විදිහට දුකෙන් වගේ මං දිහා බලාගෙන හිටිය කොල්ලො........... මට ඒ වෙලාවෙ නම් දුක හිතුන,,, මොනව උනත් ක්මක් නෑහෑ කියල මම ආයේ මූව ගෙදර ගෙනාව..."
"ඔයා හරිම හොදයි අම්මේ........... අපි එහෙනම් මූව හදමු....."
"ඔව් ... ඒක තමයි ... අපි මූව හදමු.... දෑන්නම් මූව කොහේවත් ගිහින් දාන්න හිතෙන් නෑහෑ....."
"ඒකනේ අම්මේ මම ඔයාට මුලින්ම කියුවෙ..මූව හදා ගමු කියල..."
--------------------------------------------------------------------------------------------------------------------------------------------
ඔන්න යාලුවනේ එදා ඉදල මේ අම්මයි පුතයි මේ බළල් පෑටියව හ්දා ගන්න ගත්තා.. මේ බෑළ්ලි පෑටියත් හරිම අහංකාර කෙනෙක්... කෑම එහෙම කන්නේ හොදට තෝරල බේරල..මස් මාලු නෑත්නම් බත් කන්නේ නෑහෑ.... ඉතින් අර අම්ම කරන්නේ මස් මාලු නෑති දවස් වලට සීනී බනිස් ගෙඩියක් හරි ගෝල්ඩ් මාරි හරි ගෙනත් දිල අර පෑටියගේ බඩ පුරවන එක.... තමන්ගේ දරුවෙකුට වගේ තමයි එදා ඉදන් අර අම්මා මේ බෑළලී පෑටියව ඈති කලේ...
දෑන් මේ බෑලළි පෑටියට (දෑන් බෑළලී) පෑටව් 2න්නෙක්ම ඉන්නව.. උන්වත් මේ අම්මා හරී ආදරෙන් තමයි ඈති කරන්නේ.... කවුරු මොනව කියුවත් මේ පෑටව්ට කිසිම අහිතක් කරන එකනම් මේ අම්මට කොහොමත් කරන්න බෑරි දෙයක්..............
සෑ.යු. පසුව දෑනගත් පරිදි අර අම්මත් මේ පූසි පෑටියව හදන්න තමයි හිතිල තියෙන්නේ.. ඒත්..... වර්ගයා බෝ වෙන එක ගෑන හිතිලා තමයි අර විදිහට පුතාට කියල තියෙන්නේ... මොනා වුනත් අම්ම කෙනෙක්ගේ හිත හරිම සුමටයි නේ..ඉක්මනටම මොළොක් වෙනවා...
ඔන්න ඕකටයි ආදරය කියන්නේ.... එහෙම නෑත්නම් කරුණාව කියන්නේ.....අම්මල ගාව තමයි ආදරය කරුනාව ගොඩාක් තියෙන්නේ.....
--------------------------------------------------------------------------------------------------------------------------------------------